බසයක් තුළදී 27 හැවිරිදි තරුණියකට මවුලවිවරයෙක් කළ දේ..(VIDEO)

By Piyumika Jul 14, 2024 04:41 AM GMT
Report

බස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස් කළඹ අඩියක පමණ ප්‍රමාණයක් කතුරකින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව කියන පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .

ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සහයක් ක්‍රියාත්මක කිරීමේ අනතුරක්..ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සම සළකා බැලීම හෙට..

ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සහයක් ක්‍රියාත්මක කිරීමේ අනතුරක්..ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සම සළකා බැලීම හෙට..

එම තරුණිය කටුගස්තොට සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක අසුන් ගැන සිටියදී එම අසුනේ පිටුපස අසුනේ සැකකරු වාඩිවී සිටිමින් එසේ ඇයගේ කොණ්ඩය කපා දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි .

සිද්ධියට මුහුණ දුන් තරුණිය එම අවස්ථාවේදීම ඇයගේ ජංගම දුරකථනයෙන් සැකකරු සහ ඔහු විසින් කපා දැමූ කොණ්ඩයේ කොටසද වීඩියෝ ගත කොට තිබුණි .

උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක් ..

උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක් ..

මඩවල ප්‍රදේශයේ පදිංචි එම තරුණිය කිසියම් අවශ්‍යතාවයක් සඳහා මහනුවර බලා ගමන් කරමින් සිටියදී සිද්ධියට මුහුණ දී ඇති අතර ඇයගේ දැනුම්දීමට අනුව බස් රථයේ මගීන් විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබේ .

එසේ අත්අඩංගුවට ගත් සැකකරු මුර්තලාව දෙහිඅංග උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි