කොරියානු ජාතික කාන්තාවකට මරු කැඳවූ දිය වැල..
By Piyumika
වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිගම පොලිසිය වාර්තා කරන ලදි .
ඊයේ (13) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ .
මෙම කාන්තාව දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා, ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇය ගොඩට ගෙන මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිට තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, 37 හැවිරිදි දකුණු කොරියානු ජාතික කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.