ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින තරගය - කාසියේ වාසිය සිම්බාබ්වේට
සිම්බාබ්වේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (29) සමත් විය.
ඒ අනුව, සිම්බාබ්වේ නායකයා විසින් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර ඇත.
මෙම තරගය හරාරේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1:00ට ආරම්භ වීමට නියමිතය. හරාරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල මධ්‍යම වේග පන්දු යවන්නන්ට සහ දඟ පන්දු යවන්නන්ට යම් තරමක උපකාරී වන බවත්, එහෙත් ඉනිමේ මුල් කොටසේදී පිතිකරුවන්ටද යම් වාසියක් ලැබිය හැකි බවත් ක්‍රීඩා විචාරකයෝ පවසති.
