යුක්‍රේන ජනපති සෙලන්ස්කි ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ
By Ashfa
එළැඹෙන සඳුදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අමෙරිකාවට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හමුව රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව මෙලෙස සෙලෙන්ස්කි අමෙරිකාව බලා පිටත්ව යෑමට සුදානම් බව වාර්තා වේ.
එමෙන්ම පුටින් හා කල සාකච්චාවෙන් පසුව ට්‍රම්ප් ජනාධිපතිවරයා වොෂින්ටන් වෙත පැමින යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමග දුරකතනය ඔස්සේ දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.
එමෙන්ම දුරකතන සාකච්ඡාව සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු යුරෝපා රටවල නායකයින් ද සම්බන්ධ වී ඇති බව සඳහන්ය.