හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී ජනාධිපති අනුරට යැවූ හදිසි ලිපිය- දේශපාලන කරළිය උණුසුම් කල ඉල්ලීම මෙන්න
නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
හිටපු බුද්ධි ප්‍රධානී, පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට විසකුරු ආකාරයෙන් සැලකීමට එරෙහිව සමාජයේ මතුව ඇති කතිකාවත මත මෙම ලිපිය ජනපතිවරයා වෙත යොමුකර ඇත.
එම ලිපියේ දැක්වෙන්නේ, අතීතයේ දේශපාලනික හා ආරක්ෂක අර්බුද සමයේ සිදුවූ බිහිසුණු සිදුවීම් යළිත් වරක් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවයි.
විශේෂයෙන්, පොලිස් අත්අඩංගුවේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ මරණය හා ඒ සම්බන්ධ සිදුවීම් යළිත් සිහිපත් කරමින්, එවැනි අඳුරු පරිච්ඡේද නැවත රටේ ඉතිහාසයට එක් නොවිය යුතු බව ලිපියෙන් අවධාරණය කර ඇත.
තවද, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වන බව පෙන්වා දෙන ලිපිය, සුරේෂ් සලේ මහතා ද සාමාන්‍ය සැකකරුවකු ලෙස සලකා ඔහුට හිමි නීතිමය අයිතිවාසිකම් හා සාධාරණ සැලකීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
මෙම ලිපියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, ඩී.බී. හේරත්, ආචාර්ය ගුණපාල රත්නසේකර, කරු කොඩිතුවක්කු, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලපත්ති, ලලිත් එල්ලාවල සහ කේ.පී.එස්. කුමාරසිරි යන මහත්වරුන් අත්සන් තබා ඇත.
පාස්කු බෝම්බකරු ජේවීපී එකේ ජාතික ලැයිස්තුවෙන්.. ගෝඨා ජනාධිපති කරවන්න ජෙවීපී එකත් සපෝට් කළා - නාමල් එළි කරයි