මොනරාගලදී බස් රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - 22කට තුවාල - රියදුරෙක් මරුට

Report

මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක යෙදී තිබූ පෞද්ගලික බස් රථයක් අද(16) මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී ඇත.

අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය.

අනතුරෙන් මියගිය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ රියදුරා 32 හැවිරිදි වියේ පසුවූ දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්