පළමු තරගයේම එංගලන්තය හමුවේ ශ්‍රී කන්තා ක්‍රිකට් කණ්ඩායමට පරාජයක්
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක් අත්විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාවගේ ඇරයුම මත පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132ක් පමණි.
එංගලන්ත ඉනිමේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩැනී වියාට්–හොජ් පන්දු 62කදී ලකුණු 105ක් රැස් කිරීමට සමත් වූවාය.
ඇය සමග පළමු කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් ගොඩනැගූ ඒමි ජෝන්ස් පන්දු 38කින් ලකුණු 53ක් ලබාගත්තාය.
ශ්‍රී ලංකා පන්දු යැවීමේදී මල්කා මදාරා කඩුල්ලක් දවා ගත් අතර, ඇයගේ පන්දුවාර 4 තුළ ප්‍රතිවාදීන් ලකුණු 51ක් රැස් කළහ.
පිළිතුරු ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා පන්දු 33කින් ලකුණු 39ක්ද, හර්ෂිතා සමරවික්‍රම පන්දු 18කින් ලකුණු 29ක්ද රැස් කළහ.
කෙසේ වෙතත් අනෙකුත් පිතිකරුවන්ට සාර්ථක ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය.
එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ෆ්‍රේයා කෙම්ප් ලකුණු 21කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවාය.
මෙම තරගයේ Player of the Match ලෙස ඩැනී වියාට්–හොජ් නම් කෙරිණි.