හැමෝටම මැජික් එකක් වුනාට කොටට අඳින එක මට මහලොකු දෙයක් නෙවෙයි - අඩ නිරුවත් ඇඳුමකින් සමාජ මාධ්‍ය කැළඹූ යුරේනි කිව්ව කතාව (VIDEO)
අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් මෙන්ම, නර්තන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය මේ දිනවල චිත්‍රපටයක රූගත කිරීම්වලට ලැහැස්ති වෙනවාලු. ඉතින් ඒ වගේම මේක ලංකාවේ කරන පළවැනි ෆැෂන්, ඒ කියන්නේ විලාසිතා ෆිල්ම් එක කියලත් ඇය කියනවා.
ඉතින් ඇයට හරි සතුටුයිලු, මොකද ඇයගේ නම නිතරම විලාසිතා එක්ක රැඳුන නමක් නිසා. ඉතින් ඒ වගේම කුඹියෝවලින් පස්සේ ඇය ටෙලිනාට්‍ය වල රඟපෑවේ නැහැලු. නමුත් මේ අවුරුද්දෙ චිත්‍රපට, ටෙලි නිර්මාණ, මියුසික් වීඩියෝ ඇතුළු වැඩ කීපයකටම දායක වෙන්න අවස්ථාව ලැබිලා තියනවා කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම ලෝකයේ අද ඉතා දියුණු තාක්ෂණයකට ගිහින් කියලත් ඇය කියනවා. ඉතින් එදාදුටු චිත්‍රපට නෙවෙයිලු අද තියෙන්නේ. සියල්ල ඇත්ත වූ දේ තමයිලු පෙන්වන්නේ. ලෝකයේ සත්‍ය සිදුවීම් ඒ විදියට පෙන්වන්නට නම්, ඒ නිර්මාණවලට අදාළව තාත්වික යථාර්ථය තියෙනවා කියලත් ඇය කියනවා.
ඒත් ලංකාවේ අපේ සමහර අයට තාමත් ගැහැණු ළමයකුගේ කකුල් දෙක දැකීම මැජික් එකක් කියලයි ඇය කියන්නේ. ඉතින් කොහොමද අපේ සිනමාව මෙතැනින් එහාට යන්නෙ, අපේකලාව මෙතැනින් එහාට යන්නෙ කියලත් ඇය ප්‍රශ්න කරනවා. ඉතින් ඒ වගේම ඇය මේ ක්ෂේත්‍රයට ආවෙම මඩකාගෙනලු. එදා කිඳුරංගනා රඟපාද්දී ඇය ඇන්දේ කොටට කියලයි ඇය කියන්නේ. ඉතින් ඊට පෙර ලංකාවේ ටෙලිනාට්‍යය වල එච්චර කොටට ඇඳලා තිබුණ නැහැලු. ඉතින් එදා ඇය කල ඒ චරිතය විදියටම තමයිලු පත්තරවල ෆොටෝෂූටිස්වලට ගියේ. ටීවී ඉන්ටර්විවලට ගියේ. ඉතින් ඒක ඇයට ලොකු දෙයක් වුණේ නැහැලු.
ඉතින් ඒ සාමාන්‍ය ජීවිතයේදීත් ඇය අඳින පළඳින විදිය ඒ වගේ නිසා. ඉතින් ඒ වගේම ඇය නැව ගිලුණත් බෑන් චූන් විදිහට ඉන්න චරිතයක් කියලත් ඇය කියනවා. මිනිස්සුන්ට ප්‍රශ්න කරදර එනවා කියන එක කාටත් පොදුයිලු. ඒ නිසා ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න ගියොත්, අපට ජීවිතේ විඳින්න ලැබෙන නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් මොන ප්‍රශ්නය ආවත් ඇය සතුටින් ඒ මොහොත තුළ ජීවත් වෙනවාලු. ඉතින් ඒ වගේම මේ ගෙවී යන සෑම තත්පරයක්ම ආයෙත් ලැබෙන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇයට ලැබිලා තියෙන දේවල් එක්ක ජීවිතය සෑම තත්පරයකදීම සතුටින් ගෙවනවා කියලයි ඇය කියන්නේ.
ඉතින් ඒ වගේම විවාහය ගැන ඇය හීන දකින කෙනෙක්ලු. ඒ වගේම විවාහය ගැන විශ්වාස කරන කෙනෙක්ලු ඇය. ඒත් එක්කම විවාහය දික්කසාදයකින් කෙළවර විය යුතු දෙයක් නෙවෙයි කියලත් ඇය කියනවා. ඒ නිසා හරි කෙනෙක්, ඇයගේ හිතට දැනෙන කෙනෙක්, ඇයගේ ගමනට බාධා නොකරන කෙනෙක් කවදාහරි ඇයට ශක්තියක් වේවි කියලා ඇය හිතනවාලු. ඒ වගේම ඇයගේ සාර්ථකත්වය තියෙන්නෙම නිදහස එක්කලු. ඉතින් ඇයව කූඩු කරන්න හැදුවොත් ඒක අසාර්ථකයි කියලයි ඇය කියන්නේ. අනෙක කවදාවත් පිරිමියෙකුගෙන් කාලාබීලා ඇඳලා ඉන්න ඇය කැමති නැහැලු.
ඉතින් ඇයගේ ඒ සියලු දේ වටහාගන්න සහ ඇයගේ ජීවිතය තව තවත් සාර්ථක කරගන්න උදව් වන කෙනෙක් ඇයට හමුවේවි කියලා ඇය හිතනවාලු. ඉතින් ඒ වගේම ස්වාමියාගෙන් ලැබිය යුතු මූලික යුතුකම් ටික හැර එයාගෙන් මුළු ලෝකයක් බලාපොරොත්තු වන කෙනෙක් නෙවෙයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.