ගෝඨාභයගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
By Malith Madushan
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන නොවැම්බර් මස 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.