වී කිලෝවක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශයට - නව මිල මෙන්න
යල කන්නයේ වී වගාව සඳහා වන නවතම පිරිවැය වාර්තාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය. කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව මෙම වාර්තාව සකස් කර තිබේ.
මියගිය සනත් නන්දසිරි ශූරීන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම අවුරුදු තුනක් පමා කරලා - එයට හේතුව රජය විසින් සිදු කළ නොමනා ක්‍රියාවක් පිළිබඳව දියණිය ප්‍රසිද්ධියේ හෙළි කරයි
එක්සත් කර ඇති අදාළ පිරිවැය වාර්තාවට අනුව රතු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 76ක් වන අතර සුදු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 87කි.
එමෙන්ම සම්බා වී කිලෝවක් සඳහා නිෂ්පාදන පිරිවැය රුපියල් 97ක් වන අතර කීරි සම්බා වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 119ක් ලෙස සටහන් වේ.
රජය විසින් හෙක්ටයාරයකට ලබාදෙන රුපියල් 30,000ක පොහොර සහනාධාරය ද ඇතුළත් කරමින් මෙම නිෂ්පාදන පිරිවැය ගණනය කර ඇත.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොවි සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීමට අනුව වී කිලෝවක පිරිවැයට සියයට තිහක (30%) ලාභයක් එකතු කර සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය මඟින් ක්‍රියාත්මක කර ඇති බවයි.
එසේම තවමත් අර්තාපල්, ලොකු ලූණු, පාන් පිටි, හාල් සහ බාස්මතී වැනි විශාල ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කිරීමට සිදුව ඇති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.