අමෙරිකා - සවුදි පළි ගැනීමේ ගින්නෙන් ඉරාකය ලේ විලක් වෙයි - ප්‍රහාරවලින් හමුදාවේ 20 දෙනෙක් ජීවිතක්ෂයට
ඉරාකයට එල්ල කළ ඇමරිකානු-සෞදි ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් ඉරාන හිතවාදී කණ්ඩායම් ඇතුළු පැරණි පැරාමිලිටරි සන්ධානයක සාමාජිකයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සන්ධානය ප්‍රකාශ කරයි.
ඒ අනුව ඉරාක සන්නද්ධ හමුදාවන්ට ඒකාබද්ධ වී ඇති හිටපු පැරාමිලිටරි කණ්ඩායම් සහ කණ්ඩායම්වල සන්ධානයක් වන Popular Mobilization Forces (PMF), එක්සත් ජනපද - සවුදි පළාත් හතක තම කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව අවම වශයෙන් සටන්කරුවන් 20 දෙනෙකු දිවි පිදූ අතර තවත් 32 දෙනෙකු තුවාල ලැබූ බව සඳහන් කර ඇති බව වාර්තා වේ.
පැය 72 ක් ඇතුළත ඉරාකය සුන්නද්දූලි කරයි - පළියට පළිය ගන්න අමෙරිකාවෙන් සහ සවුදි අරාබියෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්
මෙම ඒකාබද්ධ ප්‍රහාර එල්ල වී ඇත්තේ බාලාඩ්, බගැඩෑඩ්, වාසිට්, නිනෙවේ, බස්රා, කර්කුක්, කර්බලා සහ දියාලා යන ප්‍රාන්ත 7ක පිහිටි PMF මූලස්ථාන සහ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින්.
එමෙන්ම ඉන් හමුදා රථ වාහන, මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ප්‍රධාන යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුව ඇති බවද සඳහන්.