ඇමරිකා සම්බාධක එක්කම එකවරටම තෙල් මිල ඉහළට

Report
Courtesy: Reuters

රුසි­යාවේ විශා­ල­තම තෙල් සමා­ගම් දෙක­කට අමෙ­රි­කා­වෙන් සම්බා­ධක පැන­වීම හේතු­වෙන් ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් මිල 5%කින් ඉහළ ගිය රොයි­ටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

රුසි­යාවේ විශා­ල­තම තෙල් සමා­ගම් ද්විත්වය වන රොස්නෙෆ්ට් සහ ලුකො­යිල් සමා­ගම් ද්විත්ව­ය ජාත්‍ය­න්තර බොර­තෙල් වෙළෙ­ඳ­පො­ළට දින­කට තෙල් බැරල් මිලි­යන 3.1ක් නිකුත් කරනු ලබයි .

රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

නමුත් ඒවාට සම්බා­ධක පැන­වීමත් සමගම බ්‍රෙන්ට් බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 65.98 දක්වා 5.4%කින් ද, ටෙක්සාස් බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 61.81 දක්වා 5.7%කින් ද ඉහළ ගිය බව රොයි­ටර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් සදහන් කරයි.

තවද   විදෙස් මාධ්‍ය සදහන් කළේ රුසි­යාවේ විශා­ල­තම තෙල් සමා­ගම් ද්විත්වය සතු අමෙ­රි­කාවේ සියලු වත්කම් සම්බා­ධක හේතු­වෙන් අත්හි­ටුවා ඇති අතර, සියලු   ඇමරිකානුවන්ට  අදාළ සමා­ගම් සමඟ ගනු­දෙනු කිරීම හෝ ව්‍යාපාර කට­යුතු සිදු කිරීම තහ­නම් කර ඇති බවයි.

අද මේ ලග්නවලට විශේෂයි ඔන්න සුපිරි ග්‍රහයෝගයක් එක්ක ලොකු වාසනාවක්

අද මේ ලග්නවලට විශේෂයි ඔන්න සුපිරි ග්‍රහයෝගයක් එක්ක ලොකු වාසනාවක්