අයියෝ ආයේ ශ්‍රී ලංකාවට ඔලිම්පික් තරගෙට යන්නත් තහනම්ද? රටේ ඔලිම්පික් හීනෙට මොකද වෙන්නේ?
ශ්‍රී ලංකා තහනම් උත්තේජ මර්ධන නියෝජිතායතනයට (SLADA) ජාත්‍යන්තර උත්තේජන මර්ධන නියෝජිතායතනයේ (WADA) මෙහෙයවීමෙන් සිදුවෙන කිසිදු වැඩසටහනකට සත්කාරකත්වය ලබාදීම හෝ එහි නිළතල දැරීමේ අයිතිය තහනම් කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණය අද (20) සිට ක්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර උත්තේජන මර්ධන නියෝජිතායතනය (WADA) පවසන්නේ ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට යටත්ව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යාතනය කටයුතු නොකිරීම මෙම තීරණය ගැනීමට හේතුව බවයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ලෝක උත්තේජක මර්දන ඒජන්සියේ ස්වාධීන අනුගතවීම් ඇගයීමේ කමිටුවේ පරීක්ෂණයෙන් පසු මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව එක්වුයේ 2025 වසරේ මාර්තු මාසයේදීය.
නමුත් අදාළ නිරීක්ෂණ කාලය ජූනි 29 වනදාගෙන් අවසන් වූ අතර ඒ වනතුරුත් ශ්‍රී ලංකාව ලෝක නීතිපද්ධතියට අවශ්‍ය සංශෝධන නොකිරීම මෙම තීරණයට හේතු වී ඇත.
මෙම තහනම හේතුවෙන් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යාතනයට අරමුදල් ලබාදීම ද තාවකාලිකව අත්හිටුවනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකා තහනම් උත්තේජක නියෝජ්‍යාතනය ලෝක නීතිපද්ධතියට අවශ්‍ය සංශෝධන සිදුකිරීම වසරකට අධික කාලයක් තවදුරටත් ප්‍රමාද කළහොත් ඔවුන්ට කලාපීය, මහාද්වීපික හෝ ලෝක ශූරතාවලියේදී මෙන්ම ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි රැසකට සිංහ ධජය යටතේ යටතේ තරගකිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිනොවනු ඇත.
අදාළ නීති වසරකට අධික කාලයක් තවදුරටත් ප්‍රමාද කළහොත් ශ්‍රී ලංකා තහනම් උත්තේජක නියෝජ්‍යාතනයට කලාපීය, මහාද්වීපික හෝ ලෝක ශූරතාවලියේදී මෙන්ම ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි රැසකට ශ්‍රී ලංකාවට සහභාගී වීමේ වරම හිමි නොවන බවද සදහන් වේ.