හිටපු මහ ඇමති මහීපාල හේරත්ගේ ඉඩමෙන් බෝම්බයක් හසුවේ
තලේමන්නාරම නාවික හමුදා කඳවුරට යාබදව පිහිටි ඉඩමකින් බෝම්බයක් හමුවී ඇති බව වාර්තා වේ.
විමර්ශන වලින් හෙළි වී ඇත්තේ මෙම ඉඩම සබරගමු පළාත් හිටපු මහ ඇමතිවරයා වන මහීපාල හේරත් මහතාට අයත් ඉඩමක් බවයි.
මෙම බෝම්බය හසුවී ඇත්තේ එම ඉඩම එළිපෙහෙළි කිරීමට ගත් උත්සහයකදීය.
පොලිසිය මෙම බෝම්බය පිළිබද වැඩිදුර විමර්ශන පවත්වන අතර හමුවූ මෙම පීඩන බෝම්බය යුධ සමයේ වල දමා තිබූ එකක් බව සැකකරයි.