දරුණු අනතුරක් සමගින් පාදුක්ක මීපේ කර්මාන්තශාලාවක පිපිරීමක්
පාදුක්ක, මීපේ ප්රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද (30) සිදුවූ හදිසි පිපිරීමකින් සේවකයින් තිදෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පාදුක්ක පොලීසිය පවසයි.
ලිහිසි තෙල් ගබඩා කිරීම සඳහා වෙන්දේසියකින් මිලදී ගන්නා ලද, ඉන්ධන පිරවුම්හලකින් ඉවත් කළ පැරණි ටැංකියක් එහි තිබූ ඉන්ධන ඉවත් නොකර ගෑස් මගින් කපා සකස් කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව තිබේ.
පිපිරීමේ සැරට අසල පිහිටි නිවසකට ද දැඩි හානි සිදුව ඇත. මෙම අනතුරින් පිරිමි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, පිපිරීමත් සමග හිස මතට උළු කැටයක් වැටීමෙන් තවත් සේවිකාවක තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.