ජනපති හා කාන්තාවක් සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර සිදු කළ සියල්ලන්ටම විරුද්ධව CID ට පැමිණිල්ලක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්ති නාමයට අපහාස වන ආකාරයට මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වන වීඩියෝ සහ පෝස්ටු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද දිනයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් බව සඳහන්.
එහිදී නීතිඥවරයා කාන්තාවක් හා ජනාධිපතිතුමන් සම්බන්ධයෙන් සමාජ ජාලාවල හුවමාරු වන වීඩියෝ සහ පින්තූර සහ ඇතුළු සටහන් සම්බන්ධයෙන් සුදුසු විමර්ශනයක් කරන ලෙස තමන් ඉල්ලා සිටි බව මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියා.
එසේම ජනාධිපතිතුමාගේ උපදෙස් මත අඳාළ පැමිණිල්ල තමන් විසින් කරන ලද බව ඔහු පවසා ඇත.
ඒ අනුව මෙම පුවත් වාර්තා කරන ලද සමාජ ජාලා ගිණුම් හා අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ බවද ඔහු තව දුරටත් පවසා තිබෙනවා.