සුළං ගැන අදත් අනතුරු ඇඟවීම් - මේ ප්‍රදේශවල අය පරිස්සමෙන්

By Hashini Jul 20, 2025 06:22 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත් සඳහා බලපැවැත්වෙනවා.

අද (20) පෙ.ව. 10.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (21) පෙ.ව. 10.00 වන තෙක් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක්

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක්

දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.    

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති