ග්‍රෑන්ඩ්පාස් හි වෙඩිතැබීමකින් අවු.26ක තරුණයෙක් මරුට

Report

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (5) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

පොලීසිය පවසන පරිදි, මහවත්ත ඔරලෝසු කණුව ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

වෙඩි තැබීමට හේතුව තවමත් හෙළි වී නොමැති අතර, රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා භාවිතා කර ඇති බව පොලීසිය සැක කරයි.

මේ අතර, මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට සිදු වූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.  

පොලීසියට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්

සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න