අදත් ප්‍රදේශ කිහිපයකට වැසි කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ ස්වල්ප වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම කාලගුණ අනාවැකිය මගින් පවසයි.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස 2.00න් පමණ පසුව ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
සූර්යයා දකුණට ගමන් කරන විට, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුව ඉහළින් පවතී.
අද (06) දින දහවල් 12:08ට අහුන්ගල්ල, ඇල්පිටිය, අමුගොඩ, තවලම, දෙනියාය, ඌරුබොක්ක, ඇඹිලිපිටිය, සූරියවැව, බෙරලිහෙල සහ ගල්කඩුව ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.