අරුණගේ විශ්වාසභංගය - ලේකම්වරුන්ගෙන් වාර්තාව කතානායකට
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු ලේකම්වරුන්ගේ මතය ඇතුළත් වාර්තාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට බාර දී ඇත.
ලේකම්වරුන් යෝජනාව පිළිබඳ ස්ථිර තීරණයක් ප්‍රකාශ කර නොමැති අතර, විවාදයට ගැනීමට හෝ නොගැනීමට හේතු සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මෙම වාර්තාවේ යෝජනාවල ක්‍රමවේදය, පූර්ව උදාහරණ, දේශීය හා විදේශීය භාවිතයන් ආදිය දක්වා ඇත.
වාර්තාව කතානායකවරයාට අවසන් තීරණය ගැනීමට ඉඩ සලසමින් ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳ තීන්දුව ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.
මෙම වාර්තාව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න, සහ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව පිළියෙල කර ඇත.