විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමීම අරඹයි...
Sri Lanka
By Parami Dissanayake
අද (13) දින උදැසන සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමීමට පියවර ගත් බව ඉංජිනේරුවෝ පවසති.
ඒ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ය.
පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ජල මට්ටම ඉහල යමින් පවතින නිසා කැනියොන්, ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් පවසයි.
