කතරගම-බුත්තල පාරේ වනඅලි ප්‍රහාරයකින් බස් රථයක් පෙරළෙයි - වන්දනාකරුවන් 10කට තුවාල
කතරගම - බුත්තල මාර්ගයේදී වනඅලියෙකු පෞද්ගලික බස් රථයකට පහරදීම හේතුවෙන් බස් රථය පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අද (03) පෙරවරු 11.00ට පමණ කතරගම පොලිස් වසමේ, කතරගම - බුත්තල මාර්ගයේ විදුලි වැට මුරපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ .
හලාවත සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථය බුත්තල - කතරගම මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටි වනඅලියෙකු එම බස් රථයට පහරදී තිබේ.
වනඅලි ප්‍රහාරය හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන් වේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත්, රෝහල්ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
[