''ජීවිතය අවසන්ය නමුත් ආදරය සදහටමයි ''සදහටම වෙන්ව ගිය මහප්පා වෙනුවෙන් දිනක්ෂි තැබූ සංවේදී සටහන මෙන්න

By Kanchana Sep 03, 2026 09:57 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ (Animation) කාටූන් චිත්‍රපටය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා මරණයට පත්ව තිබේ.

  මියයන විට 73 වැනි වියේ පසුවූ ඒ මහතා පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සහෝදරයෙකු වන ගිවන්ත අර්ථසාද් මහතා ශ්‍රී ලාංකේය සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ සජීවීකරණ හා දෘශ්‍ය ප්‍රයෝග (Special Effects) කලාවේ පුරෝගාමියෙකු ලෙස සැලකේ.

 කවුරුත් දන්න   දිනක්ෂි ප්‍රියසාද්ට නෑකමින් වෙන්නේ මහප්පායි

බොහෝ දෙනෙක්ගේ ආදරයට පාත්‍රවී සිටින තම කලා පවුලේ ආදරණීය මහප්පා වෙනුවෙන් ඇය ශෝකය ප්‍රකාශ කරමින් සදහන් කළේ මෙවැන්නක්

REST IN PEACE මහප්පා 😓🙏⭐️ ගිවන්ත අර්ථසාද් 🙏 Lives end… but love and impact remain forever 🙏