ලෝක වෙළඳපොළ හොල්ලන ලංකාවේ තැඹිලි වතුර - දෙගුණයක් වෙන්න යන වටිනාකම ගේන්න දිවයින පුරා ජාතික වැඩසටහනක්

Report

වසර තුනක කාලයක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන යටතේ මෙම ගම්මාන ස්ථාපිත කිරීමට නියමිතයි.

මෙම වැඩසටහනේ අරමුණ නම් ශ්‍රී ලංකාවේ තැඹිලි වගාව නව මඟකට ගෙන යමින්, නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීම, තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමයි.

ඒ යටතේ 2026 වසරේදී තැඹිලි ගම්මාන 75ක්, 2027 වසරේදී ගම්මාන 80ක් සහ 2028 වසරේදී ගම්මාන 95ක් ලෙස ගම්මාන ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේ බූස්සේ ඉඳන් ZOOM එකෙන් අධිකරණයට - යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්න නියෝග

කෙහෙල්බද්දර පද්මේ බූස්සේ ඉඳන් ZOOM එකෙන් අධිකරණයට - යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්න නියෝග

ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව ඊයේ (02) දින පැවති “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන අමතමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේ, ලෝක වෙළෙඳපොළ තුළ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් මේ වන විට ඩොලර් බිලියන 4ත් 5ත් අතර වටිනාකමකින් යුත් විශාල වෙළෙඳපොළක් පවතින බවයි.

එසේම ඉදිරි වසර 10 තුළ මෙම ගෝලීය වෙළෙඳපොළ ඩොලර් බිලියන 10කට ආසන්න මට්ටමක් දක්වා දෙගුණයක් වනු ඇති බවට පුරෝකථනය කර ඇති බැවින්, එම වෙළෙඳපොළෙන් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බවද ඔහු පැවසුවා.

එමෙන්ම ග්‍රාමීය තැඹිලි වගාකරුවන්ගේ පවුල් ආදායම සහ ගම්මානවල ආදායම් මට්ටම ඉහළ නැංවීමට මෙන්ම, මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි කිරීමටද මෙම වැඩසටහන මඟින් අවස්ථාව සැලසෙන හෙයින්, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමට ද සුවිශේෂී දායකත්වයක් ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

නාමල්ට වැලේ වැල් නැති වෙයි - 12 වෙනිදා රටම හොල්ලන්න හිටපු පොහොට්ටුවට වැඩේ පටන් ගන්නත් කළින්ම දැවැන්ත පරාජයක්

නාමල්ට වැලේ වැල් නැති වෙයි - 12 වෙනිදා රටම හොල්ලන්න හිටපු පොහොට්ටුවට වැඩේ පටන් ගන්නත් කළින්ම දැවැන්ත පරාජයක්

එසේම ඉකුත් වසරේ ශ්‍රී ලංකාව භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 14කට ආසන්න ආදායමක් ද සේවා, තොරතුරු තාක්ෂණ හා සංචාරක ක්ෂේත්‍ර ඇතුළුව සමස්තයක් වශයෙන් ඩොලර් බිලියන 17.2ක ආදායමක්ද උපයා තිබෙනවා.

කෙසේ වුවද ආනයන සඳහා ඩොලර් බිලියන 22කට ආසන්න ප්‍රමාණයක් වැය කිරීමට සිදුව තිබෙන බවත්, ඉදිරියේදී එම පරතරය අවම කර ගැනීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බවත් ආචාර්ය උපාලි පන්නිලගේ මහතා වැඩිදුරටත් පැවසුවා.

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි