මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID භාරයට

Report

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්, නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්‍යාවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අද (03) අබුඩාබි නුවර සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මෙන්ම ඒවා විවිධ ඉලක්ක වෙත පතිත වී පුපුරා යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සිය ජංගම දුරකථනවල ගබඩා කරගෙන සිටියදී එරට ආරක්ෂක අංශ විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙහෙල්බද්දර පද්මේ බූස්සේ ඉඳන් ZOOM එකෙන් අධිකරණයට - යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්න නියෝග

කෙහෙල්බද්දර පද්මේ බූස්සේ ඉඳන් ZOOM එකෙන් අධිකරණයට - යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්න නියෝග

පසුව එහි බන්ධනාගාරගත කර සිටි ඔවුන් මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. මෙලෙස පිටුවහල් කර ඇත්තේ අශෝකපුර, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ බන්ධුල දිසානායක සහ කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සියඹලාදූව පතිරණලාගේ හර්ෂ කුමාර නැමැති අයයි.

බන්ධුල දිසානායක නැමැත්තා මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනා ලබා සිටින්නෙකු වන අතර, හර්ෂ කුමාර නැමැත්තා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'පරෙවි සුදා' ගේ සමීපතම අනුගාමිකයෙකු මෙන්ම මීට පෙර බූස්ස බන්ධනාගාරය තුළදී කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියකට ද සම්බන්ධ අයෙකු බව අනාවරණය වී තිබේ.

අද (03) උදෑසන 10.15 ට අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 (EY-392) දරන ගුවන් යානයෙන් මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරුවන් භාරයට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

වෙළඳපොළේ මාළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළට - නව මිල ගණන් මෙන්න

වෙළඳපොළේ මාළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළට - නව මිල ගණන් මෙන්න

අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ බන්ධුල දිසානායක නැමැත්තා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය  වෙතත්, හර්ෂ කුමාර නැමැත්තා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙතත් භාරදීමට කටයුතු කර තිබේ.