ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (Digital Insurance Cards) පරික්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින්, රියදුරන් අපහසුතාවයට පත්කිරීම බරපතළ රාජකාරි පැහැරහැරීමක් බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සදහන් කර තිබේ.
අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ අදහස් පළ කර තිබේ
ඒ අනුව, R.T.M. 93 පනත මගින් 2026 .05.05 වන දින අතිරේක පණිවිඩයක් මගින් රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කර තිබේ ඒ අනුව මෙරට ප්‍රමුඛ රක්ෂණ ආයතන 14ක් මගින් නිකුත් කරනු ලබන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිල වශයෙන් පිළිගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව පැවසීය.
අතිරේක පණිවිඩයක් මගින් රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කර තිබේ මෙරට ප්‍රමුඛ රක්ෂණ ආයතන 14ක් මගින් නිකුත් කරනු ලබන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (Digital Insurance Cards) නිල වශයෙන් පිළිගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව සදහන් කර තිබේ
2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත (Electronic Transactions Act) ප්‍රකාරව ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සඳහා පූර්ණ නීතිමය පිළිගැනීම හිමිවන බවත් සදහන් කර තිබේ
රියදුරෙකු සතුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත නොමැති අවස්ථාවකදී වුවද, පහත සඳහන් නොමිලේ සපයන ක්‍රමවේද ඔස්සේ රක්ෂණාවරණය සක්‍රියද නැද්ද යන්න තහවුරු කරගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ඇත.
*1338# ඇමතීමෙන් රක්ෂණ අංකය හෝ වාහන අංකය ඇතුළත් කර ක්ෂණිකව තොරතුරු ලබාගැනීම.
1338 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යැවීම.
1338 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය (Call Center) ඇමතීම.
මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607හිම ස්ථානාධිපතිවරුන් මාර්ගයෙන් පහළ නිලධාරීන් නැවත දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
යම්කිසි පොලිස් නිලධාරියෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ රථවාහන මූලස්ථානයේ 070 47 55 600 යන විශේෂ දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි
එවැනි නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.