තේ, පොල් සහ ඇඟලුම් අපනයන ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රටටම නරක වාර්තාවක්
2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,233.4ක් වශයෙන් වාර්තා වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජූලි මාසයට අදාළ බාහිර අංශ බුලටින් වාර්තාවට අනුව, එය 2025 ජූලි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 1,302.2ට සාපේක්ෂව 5.3%ක අඩුවීමක් ලෙස දැක්වේ.
එසේම එම මාසයේ කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් මිලියන 272.7ක් වූ අතර, 2025 ජූලි මාසයේදී එය ඩොලර් මිලියන 310.1ක් වශයෙන් වාර්තා වී ඇත.
එමෙන්ම ජූලි මාසයේ තේ අපනයන ආදායම ඩොලර් මිලියන 116.7ක් වශයෙන් වාර්තා වී තිබෙනවා.
එය ඉකුත් වසරේ එම මාසයට සාපේක්ෂව 17.2%ක අඩුවීමක්.
මේ අතර පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 52.7ක් දක්වා පහළ ගොස් තිබෙන අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 10.9%ක අඩුවීමක් වේ.
එමෙන්ම කාර්මික අපනයන ආදායමද 2025 ජූලි මාසයේ ඩොලර් මිලියන 984.6 සිට 2026 ජූලි මාසයේදී ඩොලර් මිලියන 958.2ක් දක්වා 2.7%කින් පහළ ගොස් ඇත.
එම මාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කාණ්ඩයක් වන රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 439.3ක් වශයෙන් වාර්තා වී තිබෙන අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 8.7%ක අඩුවීමක් ලෙස සඳහන්.
නාමල්ට වැලේ වැල් නැති වෙයි - 12 වෙනිදා රටම හොල්ලන්න හිටපු පොහොට්ටුවට වැඩේ පටන් ගන්නත් කළින්ම දැවැන්ත පරාජයක්