බස් අනතුරෙන් කොත්මලේ රෝහලට ලැබුණු දේ
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව රෝහල් වාට්ටු සංකීර්ණය සහ රෝහල් පරිශ්‍රය පිරිසිදු කරමින් රෝගින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා පහසු පරිසරයක් සකස් කර දීමට මෙන්ම අනෙකුත් පහසුකම් නැංවීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන කටයුතු කරනු ලැබීය.
ප්‍රදේශයේ ජනතාවද ස්වේච්ඡාවෙන්ම මීට එක්ව සිටි අතර මෙම අනපේක්ෂිත සිදුවීමෙන් තුවාල ලැබූවන්ගේ හදිසි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අවම පහසුකම් යටතේ වුවද කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය සිදු කළ කැපවීම “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ ඇගයීමට ලක් විය.