රංවල ඉල්ලා අස්වෙලා අදට මාස පහයි...ගේනවා කියපු උපාධියත් තාම පේන්න නෑ...(PHOTO)

Report

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ පළමු කථානායකවරයා ලෙස තේරී පත් වුණ අශෝක රන්වල මහතා අදට එම ධුරයෙන් ඉල්ලා අස්වී මාස පහක කාලයක් ගත වී තිබෙනවා.

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

අශෝක රන්වල මහතා මෙසේ කථානායක ධූරයෙන් ඉල්ලා අස් වූයේ ඔහු සතු බව කියූ ආචාර්ය උපාධිය පිළිබඳව යම් යම් මතභේදාත්මක ප්‍රකාශ රට පුරා පැතිර යාමත් සමඟයි.

ඒ අනුව අඳාළ උපාධි සහතික ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පවසා ඔහු විසින් ඉකුත් දෙසැම්බර් මස 13 වන දා මෙසේ ධූරයෙන් ඉල්ලා අස් විය.

එහෙත් එසේ පවසා අද දිනට (13) මාස පහක කාලයක් ගත වී ඇත.

නමුත් ඉදිරිපත් කරන් බව පැවසූ අඳාළ උපාධි සහතිකය මෙතෙක් ඉදිරිපත් කර නොමැත.

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

අශෝක රන්වල මහතා විසින් තමන් ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත් බවට සඳහනක් අඳාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණි.

තවද තමා මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ද ලබාගත් බවක් ඔහු පවසා ඇතයි වාර්තා වේ.

එසේ වුවත් තවමත් ඒ දෙකෙන් කුමන හෝ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැත.

රංවල ඉල්ලා අස්වෙලා අදට මාස පහයි...ගේනවා කියපු උපාධියත් තාම පේන්න නෑ...(PHOTO) | Five Months Resigned Degree Ashoka Ranwala Speaker