සහල් මිල ඉහළ දැමූවන්ට නීතියේ දැඩි දඩුවම්

Report

රජය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිලකට සහල් අලෙවි කරන වෙළඳුන්ට දැඩි දඩුවම් පැමිණවීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය අද (01) අනතුරු ඇඟවීය.

ඒ අනුව, පෞද්ගලික සමාගම් සහ සමුපකාර සඳහා රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කිරීමට සැලසුම් කර ඇත.

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණ ජීවිතයක් අවසන් වෙයි

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණ ජීවිතයක් අවසන් වෙයි

එසේම, පෞද්ගලික වෙළඳ ආයතනවලට රුපියල් ලක්ෂ 1 සිට රුපියල් ලක්ෂ 5 දක්වා දඩයක්, හෝ මාස හයක සිරදඩුවමක්, හෝ එම දඩුවම් දෙකම ඒකාබද්ධව පැමිණවීමට සිදුවනු ඇත.

මිල පාලන උල්ලංඝනයන් සම්බන්ධයෙන් මහජනතාවට 1977 යන දුරකථන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව අධිකාරියේ නිලධාරීහු පවසති.

අද ලග්න පලාපල – 2025 ජූලි 01 | අලුත් ආරම්භයක්! - අද ලග්න පලාපල කියන ඔබේ දිවියෙම වෙනස

අද ලග්න පලාපල – 2025 ජූලි 01 | අලුත් ආරම්භයක්! - අද ලග්න පලාපල කියන ඔබේ දිවියෙම වෙනස

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සහල් වර්ග සඳහා උපරිම පාලන මිලක් නියම කර ඇති අතර, මෙම පියවර අසාධාරණ වෙළඳාම වැළැක්වීමට සහ වෙළඳපල ස්ථාවරත්වය පවත්වා ගැනීමට ගත් බව එම අධිකාරිය ප්‍රකාශ කළේය.

ගුවන් යානයක් පාලනයෙන් ඉවතට – මගීන් 242..

ගුවන් යානයක් පාලනයෙන් ඉවතට – මගීන් 242..