ලයිට් කපන්න ගිය විදුලිබල මණ්ඩලයට වුණ අකරතැබ්බ...පස්ස පෙන්නුව කෙනත් හිරේ
නිවසක විදුලිය විසන්දි කිරීමට පැමිණි විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසකට බාධා කළ පුද්ගලයෙක් වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඒ අනුව විදුලිය විසන්දි කිරීමට විදුලිබල සේවකයින් පැමිණ විට දී අඳාළ පුද්ගලයා ඔවුන්ට කැත්තක් රැගෙන පහරදීමට උත්සාහ කර තිබෙනවා.
ඉන්පසු ඔහු විසින් තමන් ඇද සිටි කලිසම ගලවා පසුපස ප්‍රදේශය විදුලිබල සේවකයින්හට පෙන්වා අශෝභන ආකාරයෙන් හැසිරී ඇති බවට තොරතුරු සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නිලධාරීන් විසින් වැල්ලවාය පොලිසියට පැමිණිල්ලක් ලබා දී තිබෙනවා.
ඒ අනුව අඳාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව පවසයි.
එසේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
ඒ අනුව එහිදී නියෝග කර ඇත්තේ මේ මස 17 වන දින තෙක් ඔහුව දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.