චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි
ඉදිරි දින කිහිපය තුළ දී හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජය පැවති කාලයේ දී ප්‍රබල ඇමැතිවරයකු වශයෙන් ක්‍රියා කළ චමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ රජයේ මුදල් වංචා කිරීමේ චෝදනාවක් යටතේ බව සඳහන්.
ඒ අනුව ඔහුට විරුද්ධව තිබෙන ප්‍රධානම චෝදනාව වන්නේ 2022 වසරේ මැයි මස 9 වන දා සිදුවූ අරගලයේදී තිස්සමහාරාමයේ මාගම ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස ඇතුළු දේපළවලට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක (රු. 1,52,22,600) මුදලක් වංචනිකව ලබා ගැනීමයි.
මේ සඳහා අඳාළ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිදු කරන බව පවසයි.
එසේම මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයෙන් හෙළි වී ඇත්තේ අඳාළ දේපළ ඔහුට අයත් නොවන බවයි. එමෙන්ම එම දේපළ වෙනත් පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි වී ඇති බවට කරුණු මේ වන විට තහවුරු වී ඇත.
එසේම විමර්ශනවලින් හෙළි වූ විශේෂ කරුණක් වූයේ අඳාළ ස්ථානයේ චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ ආකාරයට නිවෙසක් නොතිබුණු බව සහ එහි වී ගබඩාවක් පමණක් තිබූ බවයි.
එසේ වුවත් ඔහු විසින් අදාළ දේපළ තමන් භුක්ති විඳින බවට ද දිවුරුම් ප්‍රකාශයක් ද ලබා දී ඇත.
ඒ අනුව දේපළ අයිතිය සම්බන්ධයෙන් ගැටලු මතුවීමෙන් පසුව 2023 ජූලි 27 වන දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක් මගින් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බවට හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා ඇති බව වාර්තා වේ.
තත්ත්වය එසේ තිබිය දී එම ස්ථානයේ නිවෙසක් තිබූ බවත්, එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් (එක් කෝටි හතළිස් අට ලක්ෂයක්) බවත් 2023 ජූලි 20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවක් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් කර ඇත.
ඒ අනුව මෙය පෙර විමර්ශන සොයාගැනීම්වලට පරස්පර වේ. එසේම ලද තොරතුරු මත චමල් රාජපක්ෂ මහතා රුපියල් 1,50,22,600ක් (එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක්) රජයෙන් ලබාගෙන ඇති බවට කරුණු තහවුරු වේ.
ඒ වී ගබඩාවේ හානිය සඳහා රුපියල් 222,600ක් (දෙලක්ෂ විසිදෙදහස් හයසීයක්) සහ සැබවින්ම නොතිබූ නිවෙසක් සඳහා රුපියල් 1,48,00,000ක් (එක් කෝටි හතළිස් අට ලක්ෂයක්) ලෙසයි.
අඳාළ මෙම මුදල් ගෙවීම පිළිබඳව නීතියට හා රාජ්‍ය චක්‍රලේඛයන්ට පටහැනිව ක්‍රියා කළ රජයේ නිලධාරීන්ට විරුද්ධව ද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.
ඒ අනුව චමල් රාජපක්ෂ මහතා ඇතුළු මෙම ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.
