ඝාතනයට ලක්වූ සභාපති ලසන්තගේ මරණයට තුනක් අත්අඩංගුවට

Report

මහජන දිනයේ දී අසුන මතම වෙඩි තබා ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට අදාළව සැකකරුවන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර එක් කාන්තාවක්ද සිටින බව වාර්තා වේ.

වැලිගම සභාපති ලසන්තගේ අවසන් කටයුතු අද

වැලිගම සභාපති ලසන්තගේ අවසන් කටයුතු අද

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකල විමර්ශනයට අදාළව මෙම සැකකරුවන් කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මිදිගම පිහිටි පවුලේ සුසාන භූමියේදී පැවැත්වේ.

ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය අද දින උදෑසන 11 ට වැලිගම ප්‍රාදේශීය සභාව වෙත රැගෙන යාමට ද නියමිතව ඇත.  

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා