වෙබ් අඩවිවල විකිණෙන කාන්තාවෝ විසිහත්දාහක්

By Wasantha Jul 17, 2021 11:53 AM GMT
Wasantha

Wasantha

Report

අසභ්‍ය වෙබ් අඩවිවල ලියාපදිංචි වී ලිංගික කටයුතු සඳහා අලෙවි වන කාන්තාවන් 27,000ක් පමණ මෙරට සිටින බව විශේෂ පොලිස් විමර්ශනයකදී හෙළිදරව් වී ඇතැයි වාර්තා වේ.

මෙම කාන්තාවන් බහුතරය ගණිකා වෘත්තියේ යෙදෙන්නියන් බවද වැඩිදුරටත් සඳහන්ය.

එසේම විවිධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීන්වල යෙදෙමින් තාවකාලිකව දිනකට පැය කිහිපයක් පමණ එම කටයුතුවල නිරත වන පිරිස් ඇතැයිද හඳුනාගෙන තිබේ. මෙම කාන්තාවන්ගෙන් බහුතරය කොළඹ හා බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවල පදිංචිකාරිණියෝ වෙති.

මේ අය අතර ලාබාල තරුණ තරුණියන්ගේ සිට වයස අවුරුදු 40-45 අතර කාන්තාවෝද සිටිති. මෙවැනි අසභ්‍ය වෙබ් අඩවි නිසා විවිධ අපචාර කටයුතු සිදුවන බැවින් ඒවා නීතියෙන් තහනම් කිරීම සඳහා අවශ්‍ය අණපනත් ගෙන ඒමට රජය නීති අංශවලට උපදෙස් දී තිබේ.

පොලීසියේ විශේෂ විමර්ශන ඒකක 8ක් මෙම වෙබ් අඩවි අධීක්ෂණයට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

ReeCha