අදත් රට පුරා ප්‍රදේ්ශ රැසකට ගිගුරුම් සහිත තද වැසි..

Matara Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 06, 2023 01:51 AM GMT
Aruna

Aruna

Report

අද (06) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි.

මේ අනුව, මන්නාරම දිස්ත්‍රික්ක‍යේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් (40-45) පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්වේ.

සූර්යයාගේ දෘශ්‍ය දකුණට සාපේක්ෂ චලිතය මත, එය මේ වසරේ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.

මේ අනුව, අද මධ්‍යහ්න 12.09 ට පමණ හිරු මුදුන්ව පවතින ආසන්නතම නගර වන්නේ මග්ගොන, බදුරලිය, ගොඩකවෙල, කිතුල්කොටේ සහ මීගහවැරලියයි.

ReeCha