ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම මේ අයට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දීමක්..

Report

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

අද (30) පෙ.ව 6.00 මෙම අවධානම් නිවේදනය නිකුත්කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා එම නිවේදනය නිකුත්කළ බවයි.

පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..

පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..


සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 06ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 68 අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සළං (පැ.කි.මී. 70-80) පැවතිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.


එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි.