රට පුරා ප්‍රදේශ රැසකට තද වැසි..මේ ප්‍රදේශ වල අය දැඩි විමසිල්ලෙන් ඉන්න.(VIDEO)
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකිය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
මේ අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දන්වා ඇත්තේ.
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී 30-40ක් පමණ වේ.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි බවද දන්වා තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි බවයි.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකිය.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි.
මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.
අද (04) දින දහවල් 12:09ට කොච්චිකඩේ, මාවනැල්ල, පේරාදෙණිය, ගලහිටියාව (බදුල්ල දිස්ත්‍රික්කය), දානිගල (මොනරාගල දිස්ත්‍රික්කය) සහ පරගහකැලේ (අම්පාර දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.
මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචිකරුවන්ට තුන්වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
තවද, දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයකට 2 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් රාත්‍රී 10.30 දක්වා ක්‍රියාත්මක වේ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් පදිංචිකරුවන්ට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ, දැරණියගල, බුලත්කොහුපිටිය, රුවන්ටියොන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ දෙහිවැල්ල, ක්‍රේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල.
මේ අතර, අද දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
