මි.මී.150 ට වැඩි තද වැසිත් එක්ක.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න.. පරිස්සමෙන්..

Report

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හෙට (25) දිනය වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවති.

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇති බව බලාපොරොත්තු වේ.

2024 ගත වූ කාල සීමාවේ විතරක් ඉන්දිය ධීවරයින් විශාල ගාණක් අත්අඩංගුවට..

2024 ගත වූ කාල සීමාවේ විතරක් ඉන්දිය ධීවරයින් විශාල ගාණක් අත්අඩංගුවට..

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකිය.

එමෙන්ම, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය.

තව ද, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

කලපුවට වැටුණ තාත්තයි දුවයි.. වහා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි..

කලපුවට වැටුණ තාත්තයි දුවයි.. වහා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි..

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.