ධීවර ජනතාව සඳහා දැනුම්දීමක් - වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා
උතුරු සුමාත්රා දුපත් ආශ්රිතව දකුණු අන්දමන් මුහුදු ප්රදේශය ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, අද 29) පෙ.ව.11.30 ට පමණ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.
මෙය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඔක්තෝබර් 31 වන දින පමණ වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් සහ අන්දමන් මුහුදු ප්රදේශයේදී ‘ පීඩන අවපාතයක් ‘ (depression) දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ශ්රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය
ඉන් අනතුරුව, එය තවදුරටත් වර්ධනය වෙමින්, ඉදිරි දින 2 තුළ බටහිරට බරව වයඹ දෙසට, එනම් ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කිරීමට ඉඩ පවතියි.