සේවකයන් 250ක් රැකියාවෙන් දොට්ට දමයි - Amazon සමාගම වෙතින් දැඬි තීරණයක්
By Ashfa
අමෙරිකානු තාක්ෂණික දැවැන්තයෙකු වන Amazon සමාගම සිය උපාංග සහ සේවා අංශයේ රැකියා 250ක් පමණ කප්පාදු කර ඇත. විදෙස් මාධ්ය වාර්තා කළේ, නව Kindle විද්යුත් කියවීම් උපාංග සහ ටැබ්ලට් පරිගණක ඇතුළු නිෂ්පාදන රැසක් හඳුන්වා දීමෙන් පසු මෙම රැකියා කප්පාදුව සිදු කර ඇති බවයි.
එමෙන්ම සමාගම විසින් මෙම රැකියා කප්පාදුව තහවුරු කර ඇති අතර, තනතුරු සුළු සංඛ්යාවක් ඉවත් කිරීමට අසීරු තීරණයක් ගත් බව එහි ප්රකාශකයෙකු සඳහන් කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ මෙම රැකියා කප්පාදුවෙන් තනතුරු 250කට වැඩි සංඛ්යාවකට බලපෑම් එල්ල නොවන බවයි. විශේෂයෙන්ම, මෙම තීරණයෙන් බලපෑමට ලක්ව ඇත්තේ මෘදුකාංග සංවර්ධන අංශයේ සේවකයින් බවද එම වාර්තාවේ සඳහන් වේ.