ඩකට්ගේ සුපිරි ශතකයෙන් එංගලන්තය ලකුණු 386යි - ශ්‍රී ලංකාවට මෙවරත් දැවැන්ත ඉලක්කයක්

Report

පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පාකිස්තාන එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 386ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 387ක ඉලක්කයක් හිමිව තිබේ.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෙන් ඩකට් පන්දු 132කදී ලකුණු 167ක් රැස් කළේ හතරේ පහර 24ක් සමඟිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් ටොම් බැන්ටන් පන්දු 75කදී ලකුණු 74ක් රැස් කළේය.

අවසන් සටනට පෙර සිංහයෝ තවත් ජයක් සොයා පිටියට - ''කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි''

අවසන් සටනට පෙර සිංහයෝ තවත් ජයක් සොයා පිටියට - ''කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි''

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 163ක සබඳතාවක් ගොඩනැඟූහ. නායක හැරී බෘක් ලකුණු 44ක් සහ ජෝර්ඩන් කොක්ස් ලකුණු 43ක් රැස් කළ අතර විල් ජැක්ස් ලකුණු 30ක් ලබාගත්තේය.

අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ සෑම් කරන් නොදැවී ලකුණු 21ක් රැස් කළේ පන්දු 12කිනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවාගත් අතර දසුන් ශානක, එෂාන් මාලිංග සහ දිල්ෂාන් මධුශංක එක් කඩුල්ල බැගින් බිඳහෙළූහ. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

“පවන්ගේ පිත්ත බාබර් අසාම් අතට ගෙන පරීක්ෂා කරයි” - එදා සනත්ගේ පිත්ත ගංගුලි අතට ගත් හැටිත් යළි මතක් වෙයි!

“පවන්ගේ පිත්ත බාබර් අසාම් අතට ගෙන පරීක්ෂා කරයි” - එදා සනත්ගේ පිත්ත ගංගුලි අතට ගත් හැටිත් යළි මතක් වෙයි!