ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයට නව උපකුලපතිවරයෙක්
ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා වෙත ප්රදානය කරන ලදී.
ශ්රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය
නොවැම්බර් මස 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත. මෙම පත්කිරීමට පෙර මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය.