අස්වැසුම සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය එළියට - ඔබත් අස්වැසුමට තේරුණාද ලැයිස්තුව මෙතැනින් බලන්න
අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීමේ අවස්ථාවෙන් පසු සුදුසුකම්ලාභීන්ගේ පළමු නාමලේඛනය IWMS පද්ධතිය මඟින් ප්රසිද්ධ කිරීම සිදු වී ඇත.
ඒ අනුව, IWMS පද්ධතිය වෙත ඇතුල් වී තමන්ට අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය සහ ග්රාම නිළධාරී වසම්වල නාමලේඛනය වෙන් වෙන් වශයෙන් පද්ධතිය තුළ ඇති Social Register මෙනුව වෙත ගොස් ලබාගත හැකියි.
අස්වැසුම මාසික දීමනාව රු. 17,500 ක් හා රු.10,000ක ලෙස - සුදුසුකම් ලැබුවන්ගේ අස්වැසුම දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්
එම ලැයිස්තු ප්රාදේශීය ලේකම්වරයාගේ අත්සන සහ නිල මුද්රාව සහිතව 2026.10.29 වන දින ප්රසිද්ධ කිරීම සිදුකළ යුතු වේ.
මෙම ලේඛනය එක් එක් ග්රාම නිළධාරී වසම්වලට අදාළව වෙන් වෙන් වශයෙන් මුද්රණය කර හා සහතික කොට අදාළ ග්රාම නිළධාරීට හෝ විෂය භාර ක්ෂේත්ර නිළධාරියා වෙත භාරදිය යුතු වේ.
එම නිළධාරියා විසින් අදාළ ලේඛනය ග්රාම නිළධාරී වසමේ දැන්වීම් පුවරුවේ පළ කළ යුතු යි. සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සදහන් කරන්නේ සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ප්රාදේශීය ලේකම් අධීක්ෂණය යටතේ නව සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය අදාළ වසමේ ප්රජා ශක්ති ප්රජා සංවර්ධන සභා වෙත ද ලබා දිය යුතු බවයි.
මෙවර අස්වැසුම සඳහා ඉල්ලුම් කල ජනතාව පහත ඇති සබැඳිය ක්ලික් කර ඔබගේ විස්තර ඇතුළත් කිරීමෙන් තෝරාගෙන ඇත්ද නැද්ද යන්න පරීක්ෂා කළ හැකිය.