ලාෆ්ස් ගෑස් සමාගමට නඩු - හරි වෙලාවට ගෑස් නොදීම නිසා සමාගමට විරුද්ධව නඩු කියයි

Report

අඛණ්ඩව සැපයුම් නොකිරීම හේතුවෙන් ලාෆ්ස් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත.

ලාෆ්ස් ගෑස් සමාගම නිසි ලෙස සැපයුම් නොකිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ලද පැමිණිලි වලට අනුව ක්‍රියාත්මක වු එම අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගමට එරෙහිව අද දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

අදාළ සමාගමට එරෙහිව සිතාසි නිකුත් කිරීමටත් අධිකරණය පියවර ගෙන ඇති අතර අදාළ නඩුව ලබන 11 වනදා කැඳවීමට නියමිතයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධාන අංක 86 උල්ලංඝනය කරමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩව ගෑස් සැපයීමට මෙම සමාගම අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරනු ලැබ තිබුණා.  

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්