හෝමාගම පොලිසිය තුළ තරුණයකු මියයාමේ සිද්ධිය උඩු යටිකුරු වෙයි - කලින් තරුණයාට දරුණු පහර දීමක් වෙලා

Report

හෝමාගම පොලිස් භාරයේ සිටියදී මරණයට පත් තරුණයා අත්අඩංගුවට පත්වීමට පෙර දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා රෝහල්ගත වී සිටි අයෙකු බවට තොරතුරු හෙළිව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී අද (29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ (DIG) අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් දැනටමත් ක්‍රියාත්මක වන බවයි.

ඉෂාරට පහර දුන්නේ නැහැ කියන එක අහක දාන්න බෑ හිසට තුවාල වෙලා ඉල ඇට කැඩිලා - පොලිසිය

ඉෂාරට පහර දුන්නේ නැහැ කියන එක අහක දාන්න බෑ හිසට තුවාල වෙලා ඉල ඇට කැඩිලා - පොලිසිය

අත්අඩංගුවට පත්වීමට පෙර සිදුවූ එම ගැටුම සහ ඊට අදාළ පසුබිම මෙන්ම, පොලිස් භාරයේ සිටියදී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ද සියලු පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශන කණ්ඩායම් පුළුල් පරීක්ෂණ පවත්වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිහිටියන්ට අද ලැබෙන සුබ ආරංචිය - ඔක්තෝබර් මාසයේ වැඩිහිටි දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

වැඩිහිටියන්ට අද ලැබෙන සුබ ආරංචිය - ඔක්තෝබර් මාසයේ වැඩිහිටි දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

මෙහිදී එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා 

“මෙම තරුණයා පොලිස් අත්අඩංගුවේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මියයනවා. රෝහල්ගත කරන අවස්ථාවේදී දැනගන්නවා මෙම මියගිය තරුණයා සහ ඔහුත් සමඟ තවත් තරුණයකු අත්අඩංගුවට ගන්නවා යම්කිසි අපරාධයකට. අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ මොහු පොලිස් ස්ථානයට රැගෙන ඇවිත් පොලිස් ස්ථානයේ රඳවා තබා ඔහුට රෝගී තත්ත්වයක් ඇතිවූ පසුව තමයි රෝහල් ගත කරන්නේ හෝමාගමට. ඉන් අනතුරුව රෝහලේදී මිය යනවා. මෙම තරුණයා අත්අඩංගුවට පත්වන්නේ 25 වැනිදා අලුයම් කාලයේ.

නමුත් මෙම තරුණයා ඊට කලින් දවසේ 24 වැනිදා රෝහල්ගත වෙලා ඉදලා තියෙනවා. ඔහු පැවසුවේ අත්අඩංගුවට ගැනීමේදී මම බයිසිකලයකින් වැටුණා. ඒ නිසා තමයි හොස්පිට්ල් ඇඩ්මිට් වුණේ කියලා. ඒ වුණත් බයිසිකලයෙන් වැටිලා හොස්පිට්ල් අඩ්මිට් වුණත් පැය කිහිපයක් රෝහල්ගතවෙලා ඉදලා වෛද්‍යවරුන්ගේ අවසරයක් නොමැතිව ඔහු රෝහලෙන් පලා ගොස් තිබෙනවා. නමුත් පසුව අනාවරණය වෙනවා මොහු අත්අඩංගුවට පත් වෙන්න ප්‍රථම බයිසිකලයෙන් වැටුණා කිව්වට සිද්ධ වෙලා තියෙන්නේ දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවෙලා දොගොල්ලෝ මෙයාට පහරදීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ පහරදීම අනුව තමයි රෝහල් ගතවෙලා තිනේනේ.

ඒ අනුව 24 වැනිදා ඇතිවුණ සිද්ධියත් ඒ වගේම පොලිස් ස්ථානය තුළ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙනුත් මේ වන විට විමර්ශනයක් ආරම්භ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පෙලිස් ස්ථානයේ අත්අඩංගුවට ගැනීම සිදුකළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කරලා තියෙනවා. ඊට අමතරව මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝමාගමගේ වැඩ තහනම් කළා. මේ වනව උප පොලිස් පරික්ෂකවරයෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මොහු අද අධිකරණයට ඉදිරිපත් කළා. ලබන 11 දක්වා රක්ෂිත බන්නාගාර ගත කළා. මෙහි ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. විමර්ශනවලදී හෙළිවන කරුණු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා.”