අද සිට කාලගුණය වෙනස් වෙයි..ප්‍රදේශ රැසකට දැනුම්දීමක්..

Report

අද (27) දිනයේ සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

අද ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව ලැබෙන දවසක්..තරුණ ඔබ පරිස්සම් වන්න..

අද ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව ලැබෙන දවසක්..තරුණ ඔබ පරිස්සම් වන්න..


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ක 55ක පමණ තද සුළං ඇතිවිය හැකියාව ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට පැ.කි.මී. 30ත් 40ත් අතර තරමක තද සුළං ද ඇති විය හැකි බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.