බෙංගාල බොක්ක ආයෙත් ලෙසටම කැළඹෙයි?. හෙට.. මොකක්ද මේ ආයෙම වෙන්න යන්නේ..
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
ඒ අද (15) දහවල් 12.00ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ය.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, එම පද්ධතිය තව දුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි.
අනතුරුව එය ඉදිරි දින දෙක තුළ දී දිවයිනේ උතුරට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බව විශ්වාස කරයි.
මේ සමඟ හෙට (16) දිනයේ දී උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
එයට අමතරව උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
You May Like This Video👇
.