ඉදිරි පැය 36 දී ගිගුරුම් සහිත වැසි - දැඩි අනතුරු ඇඟවීමක්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළේ ඉදිරි පැය 36 තුළ උතුරු සහ උතුරු–මැද පළාත්වල, පූත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම සහ ඌව පළාත්වල, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල, සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල පස්වරු 1.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද දැනුම් දී ඇත.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සියලුම පියවර ගැනීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දුන් මුදල්වලට අමතරව ආපදාවන්ට ලක්වූවන්ට රජයෙන් තවත් සහනයක්

දුන් මුදල්වලට අමතරව ආපදාවන්ට ලක්වූවන්ට රජයෙන් තවත් සහනයක්