බෙල්ල කපා නිල කාමරයේ මේසය මත තබනවා යැයි ඕ අයි සී ට තර්ජනය කළ පී සි රිමාන්ඩ්

Report

ඔක්කම්පිටිය වැඩ බලන ස්ථානාධිපතිවරයාට “බෙල්ල කපා නිල කාමරයේ මේසය මත තබනවා” යැයි තර්ජනය කළ බවට ආධුනික කොස්තාපල්වරයෙකුගේ සිද්ධියට වැල්ලවාය මහේස්ත්‍රාත් පූර්ණිමා ශාමලී මහතා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල් (104967) රත්නායක මුදියන්සේලාගේ දුමිඳු ප්‍රභාත් ජයසේකර (වයස 24) ය. වැඩ බලන ස්ථානාධිපතිවරයා, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙස මොණරාගල බුත්තල මාර්ගයේ මාර්ග බාධක පරීක්ෂා කර නිල කාමරයට පැමිණ, නිල සටහන් සකස් කරමින් සිටියදී,

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

ආධුනික කොස්තාපල්වරයා “තෝ මගේ ගෑණි බලන්න ගියාද?තොගේ බෙල්ල කපලා මේසේ උඩ තියෙනවා” යන පරුෂ වචන භාවිත කර මරණීය තර්ජනයක් නිකුත් කර රාජකාරියට බාධා කළ බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ. ඉන්පසුව, ස්ථානාධිපතිවරයා සැකකරු අල්ලා ගැනීමට නැගී සිටියදී, සැකකරු නිල කාමරයෙන් පලා ගොස් මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරියෙන් අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔක්කම්පිටිය පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාමාර්ග පවත්වන බව වාර්තා වේ.

නාමල්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

නාමල්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ