යොවුන් ලෝක කුසලාන ඔස්ට්‍රේලියානු සංචිතයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්
ICC වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර තිබෙන ඔස්ට්‍රේලියානු සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කර තිබේ.
මෙම තරගාවලිය ලබන වසරේ පැවත්වීමට නියමිතය .
නිටේෂ් සැමුවෙල් සහ නාදන් කුරේ මෙලෙස ඔස්ට්‍රේලියානු සංචිතයට නම් කර ඇත.
පර්ත්හිදී පැවැති වයස 19න් පහළ ජාතික ශූරතාවලියේදී කැපී පෙනෙන දස්කම් නිසා මෙම අවස්තාව ඔවුන්ට හිමිව තිබේ.
එම තරගාවලියේදී නිටේෂ් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා බවට පත්ව තරගාවලියේ වීරයා සම්මානයද දිනාගන්නට සමත් විය.
එහිදී සැමුවෙල් ලකුණු 364ක් රැස්කර ඇත, එහි ඉනිමක සාමාන්‍ය දැක්වෙන්නේ ලකුණු 91ක් ලෙසිනි.
තවද නැමේබියාවේ හා සිම්බාබ්වේ සම සත්කාරකත්වය යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබේ .
ඒවගේම මෙම යොවුන් ලෝක කුසාලනය ජනවාරි 15 සිට පෙබරවාරි 6 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කණ්ඩායම් 16කින් තරගාවලිය සමන්විත වේ. තවද මූලික වටයේදී ඔස්ට්‍රේලියාව 'C' කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, එහිදී ඔවුන් අයර්ලන්තය, ජපානය සහ ශ්‍රී ලංකාව සමගින් ක්‍රීඩාකිරීමට නියමිතය.
. මේ අතර ඩුබායිහිදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීම සදහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (10) දින දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ